Saturday, April 4, 2015

මෙන්න මෛත්‍රී ගේ යහපාලනය ! රාජිත සේනාරත්න අධිකරණයටද කොකා පෙන්වයි !

Rajitha Senarathne Skips Court Warrant


ඇමති රාජිත සේනාරත්න, ඔහුගේ බිරිඳ හා පුතු ඇතුළු පවුලම වගඋත්තරකරුවන් ලෙස නම් කරමින් බාලවයස්කාර දැරියක බලෙන් පැහැරගෙන කාලයක් තිසසේ ලිංගික අතවර කළ බවට කොළඹ මහාධිකරණයේ ගොනු කර තිබූ පෙත්සම සඳහා අදාළ වගඋත්තරකරුවන් පෙනී නොසිටීම සම්බන්ධයෙන් මේවන විට සමාජයේ දැඩි කතාබහට ලක්ව තිබෙනවා.

මෛත්‍රී යහපාලනයේ අමාත්‍යවරයකු සහ නීතිය දේශපාලනීයකරණය නොකළ යුතු බව කියමින් පසුගිය මැතිවරණයේදී කෑ මොර නැගූ දේශපාලන චරිතයක් දැන් අධිකරණය මග හැරීම මේ කතාබහ ඇති වීමට මුලිකම හේතුවයි. අධිකරණ නියමයක් මෙලෙස ගණනකට නොගැනීමට තරම් රාජිත සේනාරත්නගේ බලපුළුවන්කාරකම කිමෙක්දැයි බොහෝ දෙනා ප්‍රශ්න කරති.

අමාත්‍යවරයා කී පරිදි මේ චෝදනා දේශපාලන අවශ්‍යතා මත සිදුවන්නේ නම් ඔහු අධිකරණය මගහැරියේ ඇයිද යන්න මෙහිදී විමසා බැලිය යුතුයි. බාලවයස්කාර දැරියක් ඇයගේ කැමැත්ත මත හෝ රඳවා ගනිමින් ලිංගික අවශ්‍යතා සඳහා යොදවා ගැනීම ලංකාවේ නීතියට අනුව බරපතල වැරද්දක් ව තිබියදීත්, එය පැහැර ගැනීමක් ලෙස කිසිසේත්ම ඔප්පු වී නොමැති බව පොලීසිය සඳහන් කළ බව ඇතැම් මාධ්‍ය වාර්තා කිරීම තුලින් අධිකරණයට පෙර පොලිසිය තීන්දු ප්‍රකාශ කිරීමක් සිදුවී ඇති බව සනාථ වනවා. පැරණි සිංහල භාෂාවට අනුව හොරාට පෙර කෙහෙල් කැන වැට පැනීමක් ලෙස ඇතැමුන් එය හඳුන්වනවා.

සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්නගේ පුතකු වන එක්සත් සේනාරත්න  විසින් දිනිති ආ‍ලෝකා නමැති තම දියණිය පැහැරගෙන ගොස් බලහත්කාරයෙන් රඳවාගෙන කාලයක් තිසසේ ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් ඇයගේ පියා සහ මව පැමිණිලි කිරීමට ප්‍රමාද වුයේ ඇයිදැයි ඇතැමුන් ප්‍රශ්න කරන අතර ඊට හොඳම විසඳුම ලෙස ඉදිරිපත් කළ හැක්කේ එම දෙමාපියන් විසින් ඉදිරිපත් කරන ලද පැමිණිල්ලය.

2014 වසරේ ඔක්තෝම්බර් මස 17 වන දින ඊට අදාළ පැමිණිල්ල පොලිසියට කර ඇතත් ඊට මේවන තෙක් නිසි විසඳුමක් ලැබී නොමැති බව හෙළිවනවා.ඇගේ දෙමාපියන් පසුගියදා යළිත් මේ සම්බන්ධයෙන් මාධ්‍ය හමුවක් පැවැත්වුවේ තමන්ට සාධාරණය නොවූ නිසායි.



ඉකුත් වසරේ පෙබරවාරි මස 24 වැනි දින පාසල නිම වී නිවස බලා පැමිණෙන විට දිනිති ආලෝකා රණසිංහ දැරිය බලහත්කාරයෙන් පළමු වරට  රැගෙන ගිය අතර දෙවන වරට  ඉකුත් වසරේ අප්‍රේල් හයවැනි දින පැහැරගත් බවත් බවත් ඒ සම්බන්ධයෙන් පිළියන්දල ‍පොලිසියට දැනුම් දීමක් කළද පලක් නොවූ බවත් දැරියගේ දෙමාපියන් පවසනවා.

පසුගිය වසරේ ඔක්තෝබර් මස 17 වැනිදා කාන්තා හා ළමා කාර්යාංශයට පැමිණිලි කළද තම දියණිය ලබාගැනීමට නොහැකි වී ඇති බවද ඉන් අනතුරුව මෙම වසරේ ජනවාරි තුන්වැනිදා ‍පොලිස් මූලස්ථානයට පැමිණිලි කළද ඊටද  කිසිදු ප්‍රතිචාරයක් නොලැබුණු බවද දැරියගේ පියා වන ගාමිණී රණසිංහ පෙන්වා දෙනවා.

මෙලෙස රාජිත සේනාරත්න අමාත්‍යවරයා අධිකරණය මගහරිමින් හා තම දරුවන්ට බාලවයස්කාර දැරියන් පැහැර ගෙන ලිංගික ආශාවන් ඉටු කිරීමට අවකාශය ලබා දෙමින් ගොඩනගන යහපාලනය මේ රටට අකැප බව වත්මන් රජයේ ප්‍රබලයන්ගේද අදහස වී තිබෙනවා.


No comments:

Post a Comment