Monday, March 16, 2015

රාජිතගේ දෙවැනි පුතා බාලවයස්කාර දැරියක් අපයෝජනය කරයි ! දැරියගේ මව වැළපෙමින් කරන හෙළිදරව්ව බලන්න!



වත්මන් රජයේ කැබිනට් ප්‍රකාශක, සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතාගේ  දෙවැනි පුතා වන එක්සත් අර්ජිත සේනාරත්න, බාලවයස්කාර ගැහැණු දරුවෙකු බලහත්කාරයෙන් බොහෝ කාලයක් තිස්සේ රඳවා තබාගෙන අපයෝජනයට ලක් කරන බවට බරපතල චෝදනාවක් එල්ල වනවා.

තමාගේ දියණිය වන දිනිති ආලෝකා රණසිංහව අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ පුතා විසින් මෙසේ බලහත්කාරකමින් සිරකරගෙක සිටින බවත් ඇතිවෙන බලපෑම් ඉවසා ගත නොහැකි නිසා මේ පිළිබඳ ජනමාධ්‍යට පවසා මාධ්‍යයේ සහය බලාපොරොත්තුවෙන් මෙය රටට හෙළි කිරීමට පැමිණි බවත් දැරියගේ මව සහ පියා වැළපෙමින් පසුගියදා කොළඹදී පැවති මධ්‍ය හමුවකදී  සඳහන් කිරීමට පියවර ගත්තා.

එහිදී දැරියගේ මව දැක්වූ අදහස් මෙසේයි....

"මේ දරුවාට තාම අවුරුදු 18ක් සම්පූර්ණ වෙලා නෑ, මේ දෙමාපියන් දෙන්නා බාලවයස්කාර මගේ මේ දියණියව නිල නිවසේ තියාගෙන පුතාට බිරිඳක් හැටියට තියාගන්න ඉඩ දීලා ඒකට අනුබල දීම නීති විරෝධි දෙයක්. අපිට කරකියාගන්න දෙයක් නෑ, මොකද රාජිත ඇමතිතුමා දේශපාලඥයෙක්....."

මෙහි වීඩියෝව පහතින් බලන්න


සේනාරත්න මහතා පසුගිය රජය සමයේ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යවරයාව සිටි කාලයේ පටන් මෙම ගැහැණු දරුවා අංක 85/D, හෙක්ටර් කොබ්බෑකඩුව මාවත, කොළඹ යන ලිපිනය දරණ ස්ථානයේ , රාජිත සේනාරත්නට අයිති නිවසක මෙලෙස බලහත්කාරයෙන් රඳවාගෙන, ඔහුගේ දෙවැනි පුත් එක්සත් සේනාරත්න විසින් විටින් විට ලිංගිකව අපයෝජනයට ලක්කර තිබෙන අතර එක්සත් සේනාරත්න යම් මන්ද මානසික තත්වයකින් පෙළෙන්නනෙක් බවත් වැඩිදුරටත් තොරතුරු වාර්ථා වෙනවා. කසේ වෙතත් මේ වන විට ඇය එම තැනින් වෙනත් ස්ථානයකට ගෙන ගොස් රඳවාගෙන සිටින බවටයි දෙමාපියන් සඳහන් කළේ.

දැරියගේ දෙමාපියන් විසින් විටින් විට  අවස්ථා ගණනාවකදීම තම දරුවා නිදහස් කර දෙන ලෙසට අමාත්‍යවරයාට ආයාචනා කර ඇතිමුත්, මේ දක්වා දැරිය දෙමාපියන් වෙත භාරදී හෝ විකෘති ලිංගික කටයුතු වෙනුවෙන් යොදාගැනීම නවතා ඇති බවක් හෝ වාර්තා වී නැත.

මීට‍ පෙර අවස්ථා  ගණනාවකදී අදාලා දැරියගේ දෙමාපියන් මෙම අසාධාරණය පිළිබඳ නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට උත්සාහ කලත්, එවක රජයේ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ බැසිල් රාජපක්ෂගේ ආරක්ෂාව සේනාරත්න මහතාට හා ඔහුගේ පුත්‍රයාට හිමිවූ බවත්, ඒ අනුව මෙම කරුණු වසන් කරගැනීමට හැකිවූ බවත් මේ වන විට හෙළි වී තිබෙනවා.

පැවති ආණ්ඩුවෙන් ඉවත්ව යහපාලනයක් උදෙසා එක්වූ රාජිත සේනාරත්නෙ අමාත්‍යවරයා, හිටපු ආර්ථීක සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ ‘‘පෝට් සිටි‘‘ ව්‍යාපෘතිය නොනවත්වා ක්‍රියාත්මක කරගැනීමට දඟ දැම්මේ තමා එකල ගලවාගත් බැසිල් රාජපක්ෂට කළගුණ සැලකීමට බවත් බැසිල් රාජපක්ෂට රටින් පිටවීමට සියළු අවශ්‍යතා සපුරා දුන්නේද මේ නිසාම බවත් අභ්‍යන්තර ආරංචි මාර්ග සනාථ කරයි.

No comments:

Post a Comment